August 29, 2023

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය තුළ දිවයිනේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිත බැවින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් තබා ඇත.