
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ට්‍රම්ප්ට දැනුම් දී ඇති බවයි.
අමෙරිකාවේ සංචාරයක නිරත නෙතන්යාහු ඊයේ ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවිය.
එහිදී ඊශ්‍රායල නායකයා වෙනුවෙන් ධවල මන්දිරයේදී විශේෂ භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබිණි.
එහිදී නෙතන්යාහු ට්‍රම්ප්ට පවසා ඇත්තේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුව නම්කළ බවයි.
එම ගෞරවය ඔහුට හිමිවිය යුතු එකක් බව ට්‍රම්ප්ට නාමයෝජනා ලිපිය භාර දීමට පෙර නෙතන්යාහු පවසා ඇත.
ට්‍රම්ප් මීට පෙර සිටම සාමය ඇති කරන්නකු ලෙස තමාවම විසින් හැඳින්වූ අතර, නොබෙල් ත්‍යාගය සඳහා ඇති ආශාව පිළිබඳව ද අදහස් දක්වා තිබිණි.
ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් කියාසිටියේ නාමයෝජනා ලැබීම තමන්ට සතුටක් බවයි.
මේ වසර මුලදී ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්රචණ්ඩත්වය ඉහළ යෑමෙන් පසු ඔහුගේ තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම උපුටා දක්වමින් පාකිස්ථානයද නොබෙල් සාම ත්‍යාගය සඳහා නිල වශයෙන් ට්‍රම්ප්ව නිර්දේශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart