
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“ගණේමුල්ලේ සංජීවට වෙඩි තියන්න අලුත්කඩේ උසාවියට ආව වෙලාවෙ මම ලෝයර් කෙනෙක් කියලා රැවටිච්ච ගෑනු කෙනෙක් මට නඩුවකට කතා කරන්න භාරදුන්නා” යැයි සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි පොලිස් ප්රශ්න කිරීම් හමුවේ හෙළිඇතැයි ‘දිවයින’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඉෂාරා සෙව්වන්දි මෙසේ ද අනාවරණය කර ඇත.
“කොමාන්ඩෝ සලිඳුත් එක්ක ගණේමුල්ලේ සංජීවට වෙඩි තියන්න උසාවියට ආව වෙලාවෙ මම හිටියෙ නීතිඥවරුන්ට වෙන්වෙච්ච විවේක කාමරයේ. එතනට ආව බොහොම අසරණ පෙනුමක් තියන ගෑනු කෙනෙක් මට කතා කළා. එයා හිතලා තියෙන්නෙ මම ලෝයර් කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනාගෙ මනුස්සය එයාට හොඳටම ගහලා ඒකෙ නඩුව අලුත්කඩේ උසාවියෙ තියෙන්නෙ. ඒ මනුස්සය මට කිව්වා මැඩම් මගේ ළඟ අමාරුවෙන් හොයාගත්ත රුපියල් දාහක් විතරයි තියෙන්නෙ මේක අරගෙන මගේ නඩුවට කතා කරනවද කියලා. මට ඒ වෙලාවෙ ඒ ගෑනු කෙනා ගැන ගොඩක් දුක හිතුණා. මම එයාට කිව්වා මම ඇවිත් ඉන්නෙ වෙන නඩුවකට කතා කරන්න. ඒ නිසා ඔය නඩුව අතන ඉන්න මැඩම්ට දෙන්න කියලා එහෙම කියලා මම ඒ මනුස්සයට මගේ පේන මානයේ හිටිය වෙන ලේඩි ලෝයර් කෙනෙක් ළඟට ඇරියා. අර ගෑනු කෙනා ඒ ලෝයර් ළඟට ගිහින් එයාගෙ කතාව කිව්වා. ඒ ලෝයර් නඩුවට පෙනී ඉන්න රුපියල් 2000ක් ඉල්ලුවා. අර මනුස්සය බොහොම අසරණ විදිහට මගේ දිහා බැලුවා. මම එයාට කාමරෙන් එළියට කතා කරලා මගේ ළඟ තිබුණු රුපියල් 5000ක් එයාට දීලා නඩුවට කතා කරන්න අර මැඩම්ව ගන්න කිව්වා. ඒ මනුස්සය මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart