
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට රජය සූදානම් වන බවත් එය නියමිත අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවටත් හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ මිලදී ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ද සිහි කැඳවමින් හිටපු මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය.
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් ඔබ තුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයිත් මතු වුණා. ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රිවරු 225 අඩු කරලා.
මේ වාහන ටික ගේන්න ලංකා රජයට රු බිලියන 42.8ක් වියදම් වෙනවා.
අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන අන්තර්ජාතික ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12ක් විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕන.මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක් අවමය තිබිය යුතුයි. ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 cc විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ.
අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභෙ මිලියන 8යි. 3ට 1ක් අඩුයි.
මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තව දුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි. මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය. අපි විදුලියෙන් දුවන වාහන ගෙනාවනම් අපිට කි.මී. ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. එතකොට වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්.
ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි.
වාහන ගේන්නම ඕන නම් මම කියන්නේ ඩීසල් වාහන ගේන්න එපා ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. එතකොට මම කිව්වා වගේ ඉන්ධනවලින් අවුරුද්දකට බිලියන 8කුත් වාහනවලට වියදම් කරන මුදලෙන් බිලියන 16කුත් ඉතුරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ඒවා චාජ් කරන්න තැන් නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඉතිරිවන මුදලින් ලංකාව පුරාම චාර්ජ් කරන සෙන්ටර් හදන්න පුළුවන්. ඒක මුළු රට වෙනුවෙන්ම කරන ආයෝජනයක්.‘‘
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart