
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය තහවුරු කර තිබේ.
ඉරාන ජනාධිපතිවරයා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ අසර්බයිජාන දේශසීමාවේදීය.
ඉරාන ජනාධිපතිවරයා, විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටරයක් ඊයේ එලෙස අනතුරට පත්ව තිබිණි.
අනතුරට පත් යානයේ සුන්බුන් අසර්බයිජාන දේශසීමාවේ පිහිටි කඳුකර බෑවුම් ප්‍රදේශයක තිබී සහන සේවකයන් විසින් සොයා ගෙන ඇත.
සුන්බුන් සමග සොයාගෙන ඇති ඇතැම් මළසිරුරු දැඩිව පිළිස්සී ඇති බව වාර්තා වෙයි.
සහන මෙහෙයුම් සඳහා ප්‍රමුඛත්වය ගෙන සහය ලබා දී තිබුණේ තුර්කියට අයත් ඩ්‍රෝන යානයක්.
අනතුරුට පත්වන අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා ගමන් කරමින් සිට ඇත්තේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකයි.
ඉරාන ව්‍යවස්ථාවට අනුව එරට උප ජනාධිපති මොහමඩ් මොක්බාර් ජනාධිපති ධුරයේ වැඩබලනු ඇති බව පැවසෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart