
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ආසන්නයෙන් පවතින අන්තර්ජාතික නාවික ගමනාගමන මාර්ගය(දෙවුන්දර තුඩුවට ආසන්නයේ) දැනට පවතින සීමාවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන ලෙස, අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය කරන ලද යෝජනාවවට එකඟ නොවන බව ග්රී ලංකාව එම සංවිධානයට දැනුම් දී ඇත.
ලබන මස පැවැත්වීමට නියමිත එම සංවිධානයේ 80 වැනි සැසි වාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාව ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත.
එම සංවිධානයේ 80 වැනි සැසිවාරය ලබන මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතය.
එම සැසියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටුවේදී අන්තර්ජාතික නාවික ගමනාගමන මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කිරීමට කෙරෙන යෝජනාව සාකච්ඡාට ගැනීමට නියමිතව ඇත.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.
දකුණු මුහුදු තීරයේ දී නිල් තල්මසුන් හා කුඩා ධීවර යාත්‍රා ගැටෙන බවට අන්තර්ජාතික පරිසර සංවිධාන කිහිපයක් විසින් අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයට ඉදිරිපත් කළ අධ්‍යන වාර්තාවක් මෙම යෝජනාවට පදනම් වී ඇත.
කෙසේ වෙතත්, තමන් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ බවත්, ඊට එකඟ වීමට නොහැකි බවත්, ශ්‍රී ලංකාව එම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
එම යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙසට තම අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇතැයි, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසයි.
ඒ අනුව, පසුගිය 09 වැනිදා සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී අදාළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවද, ඇමැතිවරයා සඳහන් කරයි.
ලොව ප්‍රධාන නෞකා සමාගමක්වන MSC සමාගම මේ වනවිටත් ප්‍රධාන මුහුදු මාර්ගයෙන් නාවික සැතපුම් 15ක් ඔබ්බෙන් යාත්‍රා කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් විකල්ප මාර්ග යොදාගෙන ගමනාගමන කටයුතු සිදු කරන ලෙස එම සමාගම සෙසු සමාගම්වලින්ද ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart