
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව මේ මස අගදී කොළඹදී පැවැත්වෙන නමුත් එහි සභාපති ධුරය සඳහා නිලවරණය න්‍යාය පත්‍රයට ඇතුළත් නොවේ.
ICC නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී ජේ ෂා පත්වීමට ඉඩ ඇති බවට මේ වන විට ඉඟි පළවෙමින් තිබේ.
කෙසේවෙතත් නව සභාපතිවරයා නොවැම්බර් මාසයේදී තේරී පත් වනු ඇති බව ICCය නිවේදනය කර ඇත.
මෙවර ICC වාර්ෂික සමුළුව ජූලි 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වේ.
දැනට ග්‍රෙග් බාර්ක්ලේ විසින් පසුගිය වසර හතර තුළ දරන ලද සභාපති තනතුර භාරගැනීමට තමා උනන්දු වන්නේද යන්න පිළිබඳව ෂා ස්ථිරවම ප්‍රකාශ කර නැත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම්වරයාගේ සහයෝගය ඇතිව නවසීලන්තයේ බාර්ක්ලේ පසුගියවර එම තනතුරට පත්විය.
වාර්ෂික සමුළුවේදී, සහකාර සාමාජික අධ්යක්ෂවරුන් සඳහා වන නිලවරණය ජූලි 19 වන දින පැවැත්වේ.
ICC අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරු තුන සඳහා අපේක්ෂකයින් 11 දෙනකු තරඟ වදින අතර, එක් අයකු වසර දෙකක කාලයක් සේවය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart