
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ සංගමය කනස්සල්ල පළකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය හෙළිකරයි.
අදාළ සංගමයේ නිවේදනයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කරමින් රජිව් අමරසූරිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට, අඛණ්ඩතාවයට සහ මහජන විශ්වාසයට සිදුවීමට පෙර, රජය මෙම සියලු හඬට අවධානය යොමුකර මෙම යෝජනාව වහාම ඉවත් කළ යුතු බවයි.
පහතින් දැක්වෙන්නේ, අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ සංගමය (IAJ) නිකුත් කර ඇති නිවේදනයයි.
‘ශ්‍රී ලංකාව පිළිබඳ IAJ නිවේදනය
අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ සංගමය (IAJ) 1953 දී ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හිදී ආරම්භ කරන ලද අතර, එය ලොව පුරා මහද්වීප පහකින් එවැනි සංගම් 93 ක් නියෝජනය කරනු ලබන, ජාතික විනිසුරු සංගම්වල ලොව විශාලතම සහ වඩාත්ම කීර්තිමත් සංවිධානය වේ.
IAJ හි ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණයේ නිසි ක්‍රියාකාරීත්වයට, මානව හිමිකම් සහ නිදහස ශක්තිමත් කිරීමට මෙන්ම නීතියේ ආධිපත්‍යයට ඇති ගෞරවය ප්‍රවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වන්නාවූ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමයි.
අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයන් කොතැනක හෝ කෙසේ හෝ සිදු වුවද, ඊට එරෙහිව කලින් කලට හඬ නැගීමට IAJ කටයුතු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ද එවැනි එක් අවස්ථාවක් සපයයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන පනතක් හඳුන්වාදීමට තමන් අදහස් කරන බව ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනය කළේය.
මෙම යෝජිත පනත සම්බන්ධයෙන්, වෙනත් බොහෝ පාර්ශ්වයන් සහ විචාරකයන් අතර, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය විසින් ප්‍රකාශ කරන ලද තදබල කනස්සල්ල IAJ සංවිධානය ද එකඟතාවයෙන් යුතුව අනුමත කරයි.
IAJ හි කෝණයට අනුව, විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයසෙහි වෙනස්කම් සිදුකිරීමේ සාමාන්‍ය සංකල්පයට වඩා, අපගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත්තේ (i) මෙම යෝජිත පනත හඳුන්වා දුන් වේලාව සහ ආකාරය, සහ (ii) මෙම යෝජිත පනත සඳහා පුළුල් ලෙස සමාජය හඳුනාගෙන ඇති හේතුවයි.
පළමුව, මෙහිදී සිදුවූවාක් මෙන්, මෙවැනි යෝජිත පනතක් හඳුන්වාදීමේ වේලාව සහ ආකාරය අත්තනෝමතික, තාවකාලික (ad hoc) සහ හදිසි (peremptory) දැනුම්දීමක් මත පදනම් නොවිය යුතු අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක, සාකච්ඡාමය සහ ශක්තිමත් ක්‍රියාවලියක් මත පදනම් විය යුතුය. එසේ නොමැති නම්, අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වේ.
දෙවනුව, මෙහිදී මෙන්, රජයේ සැබෑ අභිප්‍රාය එය වූවාද නැද්ද යන්න නොසලකා, මෙම යෝජිත පනත යම් නිශ්චිත අධිකරණ නිලධාරියකුට හෝ නිලධාරීන්ට වාසි සැලසීමට සැලසුම් කර ඇති බව දැනුවත් නිරීක්ෂකයන් බොහෝ දෙනෙකුට හැඟී යන්නේ නම්, අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වේ.
මෙම තදබල කනස්සල්ලන් සලකා බලමින්, යෝජිත පනත දැනට ඉදිරිපත් කර ඇති ආකාරයෙන් නැවත පරීක්ෂා කර බලන ලෙස IAJ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඉදිරියටත් දැඩි අවධානයෙන් පසුවීමට අපි කටයුතු කරන්නෙමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart