
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ (2019 අප්‍රේල් මස) කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයයෙක්, තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් සේවයෙන් අත්හිටුවා ඇත.
මෙම පොලිස් සැරයන්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එහිදී අනාවරණය වූ කරුණු මත ඔහුට එරෙහිව විනය කඩකිරීමේ චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ බවත්, පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, සැරයන්වරයා සිය පළමු අවස්ථාවේදීම සියලු චෝදනාවලට වරද පිළිගැනීම නිසා පොලිස්පතිවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කර ඇත.
2023 ජුනි 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවමින් පොලිස් මූලස්ථානය අදාළ නියෝගය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart