
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක (PSC) නිර්දේශ අනුව තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ පිළිබඳව අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම විශේෂ තේරීම් කාරක සභාවකට පැවරෙන බවත් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇති බව වාර්තා සඳහන් කරයි.
පසුගිය සිකුරාදා (21) නායක දෙපළ අතර පැවති හමුවේදී ජනාධිපති වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ද මෙම පණිවිඩය දන්වා ඇතැයි පැවැසේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා පසුගිය සතියේ වික්‍රමසිංහ-ජයිශංකර් හමුවීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ දෙරට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ නව ක්‍රම ගවේෂණය කරමින් සිටින බවයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart