
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිදුකරන ලද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා විදේශයන්හි සැඟව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් 93 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය (Interpol) හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව අද (13) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මේ බව අනාවරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2024, 2025 සහ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ඉන්ටර්පෝල් රතු නිවේදන මගින් සැකකරුවන් 38 දෙනෙකු මෙරටට පිටුවහල් කරගෙන ඇති බවයි.
ඊට අමතරව පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ ප්‍රබල අපරාධකරුවන් 35 දෙනකු මෙරටට ගෙන්වාගැනීමට හැකිවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර, මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද බවට සැකකෙරෙන වාහන, නිවාස, රත්තරන් සහ ඉඩම් ඇතුළු මහා පරිමාණ දේපළ රාජසන්තක කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.
එම දේපළ රජයට පවරා ගැනීමේ මුල් පියවර ලෙස:
– 2024 වසරේදී: රුපියල් බිලියන 1.49ක් වටිනා දේපළ,
– 2025 වසරේදී: රුපියල් බිලියන 1.549ක් වටිනා දේපළ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
තවද, 2026 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා නීතිවිරෝධී ලෙස උපයා ගත් රුපියල් මිලියන 839ක් වටිනා දේපළ රජයේ භාරයට ගැනීම සඳහා වන මූලික නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart