
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ කොචි නුවර පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.
මැදපෙරදිග පුරා ජීවත්වන සහ රැකියාවල නිරත ඉන්දීය ජාතිකයින්ට සහාය වීම සඳහා රජය ඒකාබද්ධ උත්සාහයක නිරත වන බවට ඔහු සහතික විය.
ඉන්දීය පුවත්පතක් වන The New Indian Express වාර්තාවකට අනුව මෝදි මෙසේ පවසා ඇත්තේ රටවැසියන් විදේශයන්හි කරදරයකට පත් වූ ඕනෑම අවස්ථාවක ඔවුන්ව අතහැර නොදමන බවයි.
ඉන්දීය දූත මණ්ඩල සහ තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වන උපකාරක සේවා පවත්වාගෙන යන බවත්, ගල්ෆ් කලාපයේ සිටින ඉන්දීය ජනතාවට අවශ්‍ය සියලුම උපකාර ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
වත්මන් නොසන්සුන්තා මධ්‍යයේ ඉන්දීය ජාතිකයින් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ද මෝදි ගල්ෆ් රටවලට සිය ස්තුතිය ද පුද කළේය.
“ගල්ෆ් රටවල් එහි සේවය කරන ඉන්දියානුවන් පිළිබඳව උපරිම සැලකිල්ලක් දක්වනවා. ඒ පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart