
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔඩිෂා ප්‍රාන්තයේදී ඉන්දීය මගී දුම්රිය දෙකක් ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 288 දක්වා ඉහළ ගොස් ඇති අතර 850 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම දුම්රිය අනතුර දශක දෙකකට වැඩි කාලයක් තුළ රටේ සිදුවූ මාරාන්තිකතම සිදුවීම බවට පත්ව තිබේ.
අනතුර සිදුවූ ස්ථානයට ගිලන්රථ 200කට වැඩි ප්‍රමාණයක් කැඳවා තිබූ අතර, තුවාලකරුවන් රෝහල් ගත කිරීමට සහ එම ස්ථානයේ සිටින අයට ප්‍රතිකාර කිරීමට අමතර වෛද්‍යවරුන් 100ක් යොදවා තිබිණි.
සිකුරාදා දේශීය වේලාවෙන් සවස 07 ට පමණ (GMT 13:30 GMT) මෙම ගැටීම සිදු වූයේ, බංගලාරු සිට බටහිර බෙංගාලයේ හවුරා දක්වා ධාවනය වන ‘හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස්’ දුම්රිය, කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්’ දුම්රිය ගැටීමෙනි.
ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ නිල සුනඛයන් සිය ගණනක් සම්බන්ධ කර ගනිමින් පුළුල් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ කණ්ඩායම් ද එම ස්ථානයට පැමිණ සිටියහ.
එසේම සිකුරාදා රාත්‍රියේ ඔඩිෂා ප්‍රාන්තයේ සෝරෝ හි රජයේ රෝහලක් ඉදිරිපිට තරුණයෝ සිය ගණනක් තුවාලකරුවන්ට ලේ පරිත්‍යාග කිරීමට පෙළ ගැසී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart