
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුන සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර, ඔවුන්ට නැවත ධවල මන්දිරයට පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම මාධ්‍ය ආයතන තහනම් කරමින් නිකුත් කළ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමට වැඩි ඉඩකඩක් ඇති බව විනිසුරුවරයා පෙන්වා දී ඇත.
අදාළ නීතිමය අභියෝගය විභාග වන අතරතුර එකී මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීමේ පහසුකම් නැවත ලබා දෙමින් දින 14 ක තාවකාලික වාරණ නියෝගයක් නිකුත් කළ එක්සත් ජනපද දිසා විනිසුරු තිමෝති කෙලී සඳහන් කළේ, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති නඩුව ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බවයි.
විශේෂයෙන්ම පසුගිය සතියේ නිසි නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීම ඊට ප්‍රධාන හේතුව ලෙස උසාවිය පෙන්වා දෙයි.
මෙම මාධ්‍ය ආයතනවල ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමට ප්‍රථම ඒ පිළිබඳව ඔවුන්ට පූර්ව දැනුම්දීමක් හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බවට වන කරුණ ට්‍රම්ප් පාර්ශවය ද අධිකරණය හමුවේ අභියෝගයට ලක්කර නොමැති බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම අධිකරණ නියෝගයට පෙර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තමා විසින්ම සිය පළමු ධුර කාලයේදී විනිසුරු මඬුල්ලට පත්කරන ලද, එහෙත් දැන් කිසිසේත්ම පක්ෂපාතීත්වයක් නොමැති විනිසුරු කෙලී තමාට එරෙහිව තීන්දුව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
එසේවුවහොත් “සෑම විටම මෙන්, අපි මීළඟට ඇපෑලකට යනවා” යනුවෙන් ද ඔහු සටහන් කර තිබිණි.
පසුගිය සිකුරාදා ‘Truth Social’ හි සටහනක් තබමින් මෙම මාධ්‍ය ආයතන තුනට තහනම පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ අතර, ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ ඔවුන් විසින් අඛණ්ඩව “අසත්‍ය පුවත්” වාර්තා කිරීමයි.
“එක්සත් ජනපද ජනාධිපතිවරයා, ට්‍රම්ප් පරිපාලනය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය ගැන වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතනවලට අඛණ්ඩව ප්‍රබන්ධ සහ බොරු ලිවීමට හෝ වාර්තා කිරීමට ඉඩ නොදිය යුතුයි. ඉදිරියේදී මෙවැනි තවත් අසත්‍ය පුවත් පතළ කරන මාධ්‍ය ආයතන කෙරෙහිද පියවර ගන්නවා,” යනුවෙන් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, අදාළ මාධ්‍ය ආයතන තහනම් කිරීමට හේතුව ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු බවට ධවල මන්දිරය ඉදිරිපත් කළ තර්කය අධිකරණ නියෝගය මගින් ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart