Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකු සමඟ ඊයේ සාකච්ඡාවක නිරතවිය.
ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කළේය.
මෙම හමු පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය ඉදිරියට ගෙනයෑම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ පූර්ණ සහය අපේක්ෂා කරන බවයි.
“ආචාර්ය ජයිශංකර් ශ්‍රී ලංකා සංචාරයේදී හමුවීම සතුටක්. ඔහු නිතරම පවසන පරිදි, ‘ශක්තිමත් සහ සමෘද්ධිමත් අසල්වැසි ප්‍රදේශයක් සෑම කෙනෙකුගේම උනන්දුවකි.’ කලාපීය සංවර්ධනය සඳහා අපගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සඳහා සහාය වන අතරම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය ඉදිරියට ගෙනයෑම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.” යැයි X පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස පවසා ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, තම පාලන කාලය තුළ ඉන්දියාව සමඟ ඇතිකරගත් ශක්තිමත් සබඳතාව නව රජය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසේ දී මෙම හමුව සිදුවූ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන අයද ඊට සහභාගි වූහ.
ආචාර්ය ජයිශංකර්ගේ මෙරට සංචාරය, පසුගිය මාසයේ පැවති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු ඕනෑම රටක විදේශ ඇමතිවරයකු විසින් කරන ලද පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟද සාකච්ඡා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart