
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
මෙම සංචාරයේදී ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම ඔහු ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර ඉදිකිරීමට නියමිත ඉන්ධන නල පද්ධතිය පිළිබඳව සළකා බලනු ලැබේ.
පසුගියදා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී දෙරට අතර ඉන්ධන නල පද්ධතියක් සහ භූමිය යා කරන පාලමක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මකට අදාළ ආවබෝධතා ගිවිසුමකටද එහිදී දෙපාර්ශවයම අත්සන් කර තිබේ.
මේ අතර, චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) මෙරටට පැමිණීමට නියමිත පසුබිමත තුළ මෙම සංචාරය සිදුවන බව ද හින්දු පුවත්පත් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart