
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ඩොලර් බිලියන 01ක වටිනාකමකින් යුතු ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය(Indian Credit Line) තවත් මාස 12කින් දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම ණය සහන යෝජනා ක්‍රමය 2023 මාර්තු 17 දිනෙන් කල් ඉකුත්වීමට නියමිතව තිබිණි.
පසුගිය වසරේ(2022) ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් බිලියනයක ණය සීමාව තවත් මාස 12කින් දීර්ඝ කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය මාසයේ කළ ඉල්ලීමට අනුව, 2024 මාර්තු දක්වා එම ණය සීමාව දීර්ඝ කිරීමට ඉන්දියාව අනුමැතිය ලබාදී ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයේ උච්ඡතම අවස්ථාව වූ 2022 මාර්තු මාසයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සහනයක් ලෙස ඩොලර් බිලියන 01 ක ණය යෝජනා ක්‍රමයක් ලබා දෙන ලදී.
එකල ආනයන සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා රට තුළ පැවති විදේශ විනිමය හිඟය හේතුවෙන්, භාණ්ඩාගාරය විසින් අදාළ ඩොලර් බිලියන 01 ක ණය රේඛාවෙන් 26% කාර්මික අමුද්‍රව්‍ය සඳහා ද, 20% ඖෂධ සඳහාද 20% ඉන්ධන සඳහාද, 18% අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහාද, 16%ක් LP ගෑස් සඳහාද වෙන් කරන ලදී. කෙසේවෙතත්, භාණ්ඩාගාරයේ මූලාශ්‍රවලට අනුව, ඩොලර් බිලියන 01ක මෙම ණය සහනයෙන් ඩොලර් මිලියන 350 ක් පමණ මෙතෙක් භාවිතයට නොගෙන පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart