
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාස ගණනාවක් තිස්සේ පැවති පපුවේ සහ උරහිස් වේදනාවට හේතුව තමාට බද්ධ කෙරුණු පියයුරුවල බර වැඩිවීම බවට වෛද්‍යවරුන් අනාවරණය කර ගැනීමෙන් පසුව බද්ධ කළ පියයුරු ඉවත් කිරීම සඳහා සැත්කමකට භාජනය වූ බව ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන ෂර්ලින් චොප්රා ප්‍රකාශකර තිබේ.
38 හැවිරිදි චොප්රා ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝවකින් ඇගේ මෙම තීරණය නිවේදනය කර තිබිණි.
ශරීරයේ ඉහළ කොටසේ නිරන්තර පීඩනයක් පැවති බවත්, වෛද්‍ය උපදේශන කිහිපයකට භාජනය වීමෙන් පසුව ඊට හේතුව තේරුම් ගත් බවත් ඇය සඳහන් කර තිබේ.
“මම දිග කාලයක් විඳි වේදනාවට හේතුව මගේ පියයුරු බද්ධ කිරීම් බව මට වැටහුණා. මගේ ජීවිතයට කඩිසරකම, ජීව ශක්තිය සහ සවිබලය නැවත ගෙන ඒමට, මම මගේ පියයුරු බද්ධ කිරීම් ඉවත් කිරීමට තීරණය කළා,” යැයි ඇය පැවසුවාය.
“මම මගේ පපුවෙන් මේ දැවැන්ත බර ඉවත් කළා. එක් බද්ධ කිරීමක් ග්‍රෑම් 825ක් බරයි. දැන් මට සමනලයකු වගේ සැහැල්ලුවක් දැනෙනවා. සමාජ මාධ්‍යවල දකින දේට නොමඟ යන්න එපා, තම තමන්ගේ ශරීර සමඟ අත්හදා බැලීම් කරන්න එපා කියලා මම තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා.”යනුවෙන් සැත්කමෙන් පසු, තමාට දැනුණු සහනය විස්තර කරමින් ඇය පවසා තිබිණි.
හින්දි චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල පෙනී සිට ඇති චොප්රා පැවසුවේ මෙම පියවර රූපලාවන්‍ය ක්‍රියාපටිපාටි විවේචනය කිරීමක් නොව ඇගේ ස්වාභාවික පෙනුමට නැවත පැමිණීමේ පෞද්ගලික තේරීමක් බවයි.
2023 දී මුහුණ සඳහා කළ පිරවුම් ද ඉවත් කළ බව ඇය සඳහන් කළාය.
සැත්කමෙන් පසු, සැහැල්ලු බවක් දැනෙන බව ඇය සඳහන් කර තිබිණි .
සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ චොප්රාගේ රෝග ලක්ෂණ ශරීර රාමුවට වඩා විශාල බද්ධ කිරීම් සිදුකර ගත් පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන බවයි.
මුම්බායි හි වොක්හාර්ඩ් රෝහලේ ප්ලාස්ටික් සහ ප්රතිනිර්මාණ ශල්‍ය වෛද්‍යවරියක් වන වෛද්‍ය ශ්‍රද්ධා දේශ්පාන්ඩේ පැවසුවේ විශාල බද්ධ කිරීම් මගින් කොඳු ඇට පෙළේ සහ උරහිස ආශ්රිත මාංශ පේශි වෙහෙසට පත් කළ හැකි බවයි.
“කොන්දේ, බෙල්ලේ සහ පපුවේ වේදනාව බහුලව දක්නට ලැබෙනවා.ඒ ශරීරයේ ස්වාභාවික ව්‍යුහයට අමතර බරක් දරන්න බල කෙරෙන නිසා,” යැයි ඇය පැවසුවාය.
පියයුරු බද්ධ කිරීම් ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඔවුන්ගේ ශරීර අනුපාතයන්ට ගැළපෙන ප්‍රමාණයන් තෝරා ගැනීමටත්, වේදනාව, තද බව හෝ හැඩයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමටත් වෛද්‍යවරු උපදෙස් දෙති.
ශල්‍යකර්මයෙන් පසු නිවැරදි ඉරියව්, නම්‍යශීලිවීමේ සහ ශක්තිමත් කිරීමේ ව්‍යායාම ද නිර්දේශ කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart