
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ පන්දුවාර විස්ස තරගාවලි ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ (30)සමත්විය.
පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි පන්දුවාර විස්ස තරගයේ සුපිරි පන්දුවාරය තුළ ජයග්‍රහණය ලබාගනිමින් ඉන්දියාව එම තරගාවලි ජයග්‍රහණය ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමුවේය.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් සහ තුන්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 48කට දැවි ගියහ. පැතුම් නිශ්ශංක ලකුණු 26යි.
ඔවුන් දෙදෙනා හැරෙන්නට අනෙක් සියලු පිතිකරුවෝ ලකුණු 04ට අඩුවෙන් දැවී ගියහ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 22ක් තුළ දැවීගියේ මැදපෙළ පිතිකරුවන් තවදුරටත් ඔවුන්ගේ දුර්වලතා නිවැරදි කරගෙන නොමැති බව තහවුරු කරමිනි.
කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය.
එහිදී මංගල පන්දුවාර විස්ස පිටියට පිවිසි චමිදු වික්‍රමසිංහ සිය පළමු අන්තර්ජාතික කඩුල්ල ලෙස සංජු සැම්සන් දවාගත් අතර ඔහු සිය පන්දුවාර 04 සාර්ථකව අවසන් කළේ ලකුණු 17ක් පමණක් ලබාදෙමිනි.
ඉන්දියාව පන්දුවාර විස්ස තුළ කඩුලු 09ට 137ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවටද පන්දුවාර විස්ස තුළ කඩුලු 08ට රැස්කලේ ලකුණු 137ක් පමණි.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
එහිදි කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරය තුළ ලකුණු දෙකක් පමණක් ලබාගත්තේ කඩුලු 02ක් දැවීයද්දිය.
කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක එලෙස දැවීගිය ක්‍රිඩකයන් විය.
අනතුරුව පන්දු 06ක් තුළ ලකුණු 03ක් ලබාගැනීමට පිටියට පිවිසි ඉන්දිය නායක සූර්යකුමාර් යාදව් පළමු පන්දුවෙන්ම ලකුණු 04ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩකයකුගේ වගකීම කුමක්ද යන්න තේරුම් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart