
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායමට ඊයේ පරාජයට පත්වීමට සිදුවිය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ඉනිම අවසන් වීමට පෙර වර්ෂාව ඇදහැළීම නිසා පන්දුවාර 19යි පන්දු 03කට සීමාවූ ඔවුන්ගේ ඉනිම කඩුලු 07ක් දැවී ලකුණු 180ක් ලෙස සටහන් විය.
එහිදී සිය මංගල අර්ධ ශතකය රැස් කළ රින්කු සිංග් පන්දු 39කදී ලකුණු 68ක් සහ සූර්යකුමාර් යාදව් ලකුණු 56ක් රැස්කරනු ලැබුහ.
රින්කු සිංග් එල්ලකළ හයේ පහරකින් ක්‍රීඩාංගණයේ ජනමාධ්‍ය කුටියේ වීදුරුවක් ද ඉරිතලා ගියේය.
මෙහිදි පන්දුවාර විස්ස අන්තර්ජාතික පිටියේ ලකුණු 2000 සම්පුර්ණ කිරීමට ඉන්දීය නායක සූර්යකුමාර් සමත්වූ අතර, ඒ අනුව ඔහු එම ලකුණු සීමාව පසුකළ 04 වැනි ඉන්දීය පිතිකරු බවට පත්වූයේ විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ කේ.එල්.රාහුල් පිටුපසින් සිටිමිනි.
ඉන්දීය ඉනිමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වූ සුබ්මන් ගිල් සහ යසස්වි ජයිස්වාල් ලකුණු නොලබා දැවිගියහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ පන්දුවාර 15ක් තුළ ලකුණු 152ක ඉලක්කයක් හිමිවිය.
පන්දුවාර 13යි පන්දු 05ක් තුළ එම ඉලක්කය දකුණු අප්‍රිකානුවන් සපුරා ගත්තේ කඩුලු 05ට ලකුණු 154ක් ලබාගන්මින් වන අතර, ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 27කදී ලකුණු 49ක් රැස්කළේය.
දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු හෙයින් තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය 01ට 0ක් ලෙස දකුණු අප්‍රිකා පෙරමුණට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart