
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2036 වසරේ දී ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමට ඉන්දියාව උනන්දු වන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
මුම්බායි හි පැවැති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සැසියේ සමාරම්භක උත්සවයේ දේශනයකදී මෝදි පැවසුවේ එය සාක්ෂාත් කරගැනීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඉන්දියාව සූදානම් බවයි.
ඉන්දියාව මෙතෙක් ඔලිම්පික් උලෙළක් පවත්වා නොමැති වුවද ඔවුන් 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ දිල්ලි නුවරදී පැවැත්වීම සඳහා දායකවිණි
ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීම ඉන්දියාවට පැරණි සිහිනයක් බව මෝදි පවසයි.
“ඔබගේ සහයෝගයෙන් මෙම සිහිනය සැබෑ කරගැනීමට අපට අවශ්‍යයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය ඉන්දියාවට ලැබෙනු ඇතැයි මට විශ්වාසයි” යනුවෙන්ද ඔහු එම කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
2029 දී යොවුන් උලෙළ පැවැත්වීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළ මෝදි, ක්‍රීඩාව යනු පදක්කම් දිනාගැනීම පමණක් නොව, ඊට හදවත් දිනාගැනීම ද අයත් බව සඳහන් කළේය.
මෙක්සිකෝව සහ ඉන්දුනීසියාව 2036 ඔලිම්පික් උලෙළ පැවැත්වීම සඳහා නිල වශයෙන් කැමැත්ත පළකර තිබේ.
තම රට ද මෙම ඉසව්ව පැවැත්වීමට බලාපොරොත්තු වන බව සැප්තැම්බර් මාසයේදී පෝලන්ත ජනාධිපති අන්ද්‍රෙස් ඩුඩා ද ප්‍රකාශ කර තිබිණි.
පෝලන්තය ද මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් හෝ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් හෝ පවත්වා නැත.
පැරිසිය 2024 ඔලිම්පික් උලෙළට සත්කාරකත්වය සපයන ඇති අතර, 2028 දී ලොස් ඇන්ජලීස් නුවරදී සහ 2032 දී බ්‍රිස්බේන් හිදී ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart