
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් 10 වැනිදා වන විට ඉන්දියාවේ රැඳීසිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනෙක් ආපසු ගෙන්වා ගත යුතු බව ඉන්දියාව කැනඩාවට දන්වා ඇතැයි වාර්තා වේ.
සීක් නිදහස් ක්‍රියාකාරිකයෙක් වන හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියාව මැදිහත්වී ඇති බවට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ චෝදනා කිරීමෙන් පසු මෑත සතිවල ඉන්දියාව සහ කැනඩාව අතර සබඳතා පිරිහී තිබේ.
45 හැවිරිදි නිජ්ජාර් වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවට අවශ්‍යව සිටි අයෙක් වන අතර, ජුනි 18 වැනිදා ඔහුව වෙඩිතබා ඝාතනය කර ඇත.
ඉන්දියාව එය අභූත චෝදනාවක් ලෙස සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම ඔක්තොම්බර් 10න් පසු ඉන්දියාවේ ඉතිරිව සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අවලංගු කරන බවටද ඉන්දියාව තර්ජනය කර ඇත.
ඉන්දියාවේ කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන් 62ක් සිටින අතර, එම සංඛ්‍යාව 41කින් අඩු කළ යුතු බවට ඉන්දියාව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart