
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්.ජයශංකර් පවසයි.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මෝදි රජය පියවර ගෙන ඇති බවය.
එරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවැති දේශනයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙම අදහස් පළ කර ඇත.
“අද අපි වැඩ කරන්නෙ විශාල, බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් සඳහායි. අපි අපේ අසල්වැසියන වෙනුවෙන් අපෙන් විය යුතු දේ පුළුල් කිරීමට උත්සාහ කරන්නෙමු. අපේ අසල්වැසියන් ඉන්දියන් සාගරයේ දූපත්, අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ ජාතීන් හෝ ගල්ෆ් රටවල් විය හැකිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය සමඟ ඇති සබඳතාව දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට, අප විසින් කිසිදාක නොකළ ආකාරයට අපි කටයුතු කළෙමු. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කරපු දේ විශාල වේ.” යැයි ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart