
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්ධන විකිණීමට සුදානම්වම විදේශීය සමාගම්වලට තමන් උපයා ගන්නා සියලුම ආදායම්, කිසිදු ප්‍රමාදයකින් සහ සීමාවකින් තොරව ඩොලර් හෝ ඕනෑම විදේශ මුදලක් බවට පරිවර්තනය කර මෙරටින් පිටකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මෙම සමාගම් ඉන්ධන අලෙවියෙන් ලබාගන්නා අදායම වසරක් යනතුරු කිසිදු මුදලකට පරිවර්තනය කිරීමට නොහැකිවන සේ මීට පෙර ගිවිසුම්ගතව තිබිණි.
එසේ වුවද, අදාළ සමාගම් විසින් උපයාගන්නා අදායම කිසිදු සීමාවකින් තොරව විදේශ විනිමය බවට පරිවර්තනය කිරීමට අනුමැතිය ලබාදෙන මෙන් ඉල්ලා විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර විසින් පසුගිය මැයි 19 වැනිදා ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට ජුනි 06 වැනිදා අනුමැතිය හිමි වී ඇත.
මෙරට ඉන්ධන අලෙවිය සඳහා චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාර්ක්ස් යන සමාගම් ත්‍රිත්වයට අවසර හිමිව ඇත.
එමෙන්ම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්, අදාල විදෙස් සමාගම් තුනට විකිණීම සම්බන්ධයෙන් පෙර සම්මත කර ගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart