
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉහළ දැමූ සුරාබදු බලපත්‍ර ගාස්තුව යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සංගම්වල විරෝධතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.
විදේශ සංචාරයක නිරත ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු සදහන කර ඇත.
ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
අදාළ ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, තල් අරක්කු හැර සෙසු අරක්කු සඳහා පැවැති රුපියල් ලක්ෂ 10ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දමා තිබේ.
රුපියල් දෙලක්ෂ පනස් දහසක්ව පැවැති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති අතර, රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා ඇත.
විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 25ක් දක්වාත් රුපියල් ලක්ෂ 10ක්ව පැවැති මත්පැන් සඳහා වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50ක් වේ.
මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක්, නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක්, අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙසද ඉහළ නංවා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
එමෙන්ම හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තුද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත්, කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක්, කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නැංවේ.
රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව, රුපියල් ලක්ෂ 05ක්ව පැවැති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා අඩුකර තිබේ.
එමෙන්ම සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහාවන සමාජ ශාලා සඳහා වූ රුපියල් දෙලක්ෂ පනස් දහසේ බලපත්‍ර ගාස්තුවේ වෙනසක් නොවේ.
මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරතවීම සඳහාවන බලපත්‍ර ගාස්තුද ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වේ. මෙරට මත්පැන් බලපත්‍ර හිමිකරුවන්ගෙන් බහුතරයක් දේශපලකයෝ හෝ දේශපාලකයන්ගේ සමීප හිතවත්තු වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart