
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.
ඔවුන් දෙදෙනාම දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා පාකිස්ථානු කණ්ඩායමට අයත් සාමාජිකයන් ලෙස නිල වශයෙන් කොළඹට පැමිණ සිටිති.
කණ්ඩායමක සාමාජිකයන් සූදු පොළකට යෑම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ආචාර ධර්ම සංග්‍රහයට අනුව තහනම් ක්‍රියාවක් වන බැවින්,ඔවුන්ව ICC හි දූෂණ මර්දන ඒකකයේ අවධානයට ලක්ව ඇතැයි පැවැසේ.
සමාජ මාධ්‍යවල බොහෝ පාකිස්ථාන රසිකයන් ප්‍රශ්න කර ඇත්තේ, සිය නිලධාරීන් සූදුවෙහි යෙදීමට තරම් “නොමේරූ” සහ “නොසැළකිලිමත්” වන්නේ කෙසේද යන්නයි.
පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලාශ්‍රයකට අනුව අවම වශයෙන් එහි නිලධාරීන් 15-20ක් පමණ කොළඹ සහ ලාහෝර් අතර සංචාරය කර ඇත.
තරගාවලිය අතරතුර කැසිනෝ ශාලාවකට යෑමේ නිලධාරීන් දෙදෙනාගේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳව හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු මොයින් ඛාන් ද සිය මවිතයට පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart