
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ 2048 සංවර්ධන ඉලක්ක ජයගැනීමට දායක විය හැකි ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙමින් 2024 වසර සඳහා අයවැය ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇත.
2023 දෙවන කාර්තුව අවසන් වන විට රේඛීය අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 202ක් මගින් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමැති, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
දැනට ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්ට අදාළ අරමුදල් උපයෝජනය කළ නොහැකි වීම සහ දේශීය අරමුදල් නිදහස් කිරීම සීමිත වීම හේතුකොට ගෙන, 2023 දෙවැනි කාර්තුව අවසන් වන විට ව්‍යාපෘති බොහොමයක ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බව ඇමැති මණ්ඩලය සැලකිල්ලට ගෙන තිබේ.
ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව විදේශීය අරමුදල් උපයෝජනය කිරීමට හැකියාව ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති අතුරින් රජයේ 2048 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ දැනට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස දායකත්වය ලබාදිය හැකි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින්, 2024 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන වෙන්කර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart