May 12, 2023

කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දැනට දෛනිකව ආගමන විගමන දෙපාර්තමේන්තුව සේවය සපයන්නේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.

විදේශගතව සිට මෙරටට පැමිණි, හදිසි අවශ්‍යතා වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයේ අලුත් කිරීම් හෝ වෙනත් සේවාවන් අවශ්‍ය පුද්ගලයන්ට පමණක්, අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පමණක් හදිසි සේවාවන් ලබාගත හැකි බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.