
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වාදීම ඉතා වැදගත් බවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම වේ.මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.
මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වාදීමට මෙරට රජය තීරණය කර ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළ හිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart