
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම, ඉලුප්පුකඩවායි කලපුවේ පඳුරු අතර සඟවා තිබූ Pregabalin නම් ඖෂධ කරල් 53,000ක තොගයක් ඊයේ (28) ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) එක්ව කරන ලද මෙහෙයුමකදී සොයාගෙන තිබේ.
නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට ගලාඒම වැළැක්වීම සඳහා වෙරළබඩ ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී මෙම ඖෂධ තොගය සොයාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුවනෙක නම් නෞකාව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව ඉලුප්පුකඩවායි කලපුවේදී මෙම මෙහෙයුම සිදු කර තිබේ.
මෙම මෙහෙයුමේදී නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඒ අසල පඳුරුවල තිබී සැකකටයුතු පෙට්ටියක් සොයාගෙන ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙන Pregabalin තොගය සොයාගෙන ඇත.
Pregabalin අපස්මාරය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරයි. එය ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා ද ගනු ලැබේ.
මෙම ඖෂධය මත්ද්‍රව්‍යවලට ආදේශකයක් ලෙසද භාවිත කරන බව පොලිසිය පවසයි.
එම මත්කුඩු තොගය නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart