June 27, 2026

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවෙකු වන අතර දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් චීනයෙන් නීත්‍යනුකූලව මෙරටට ආනයනය කරනු ලබයි. කෙසේවෙතත්, මෑත කාලීනව චීනයේ සිට හොර රහසේ ආනයනය කරන නීතිවිරෝධී භාණ්ඩ හා ආහාර ද්‍රව්‍යවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, රේගු බදු මඟහැරීම සහ උපරිම ලාභ ලැබීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ජාවාරම රටේ ආර්ථිකයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. මෑත කාලීනව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නීත්‍යනුකූල නොවන (හොර රහසේ ආනයනය කරන) භාණ්ඩ හා ආහාර ද්‍රව්‍යවල කැපීපෙනෙන වර්ධනයක් දැකිය හැකිය. රේගු බදු මඟහැරීම සහ උපරිම ලාභ ලැබීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ජාවාරම රටේ ආර්ථිකයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් එල්ල කරයි.

ජාවාරම්කරුවන් විසින් මෙලෙස නීතිවිරෝධී ලෙස ගෙන්වනු ලබන භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට අයත් වේ. පළමුවැන්න, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින රහිත, සිංහල හෝ ඉංග්‍රීසි ලේබල් නොමැති, චීන අකුරු පමණක් සහිත සූදානම් කළ ආහාර, සෝස් සහ ටින් කළ ආහාර වර්ගයි. ආහාර ද්‍රව්‍ය සහ පරිභෝජන භාණ්ඩ මෙන්ම කාර්මික සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩද එලෙස ගෙන්වනු ලබයි. නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින රහිත, සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් භාණ්ඩ විස්තර දක්වා නොමැති, චීන අකුරු පමණක් සහිත විවිධ සූදානම් කළ ආහාර, සෝස් වර්ග සහ ටින් කළ ආහාර වර්ග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වෙළෙඳසැල් වෙත රහසිගතව බෙදාහැරීම් සිදුකෙරෙන බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත.

දෙවැන්න නම්, ප්‍රමිතියෙන් තොර විලවුන් වර්ග, ව්‍යාජ ඉලෙක්ට්‍රොනික උපාංග (දුරකථන බැටරි, චාජර්) සහ ව්‍යාජ සන්නාම යටතේ ගෙන්වන වාහන අමතර කොටස් (ඔයිල් ෆිල්ටර්, බ්‍රේක් පෑඩ්) වැනි කාර්මික භාණ්ඩයි. මීට අමතරව කාර්මික හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ද චීනයේ සිට නීත්‍යානුකූල නොවන අයුරින් විශාල වශයෙන් රට තුළට පැමිණීම සිදුවේ. ව්‍යාජ දුරකථන බැටරි, චාජර් සහ හෑන්ඩ්ස්ෆ්‍රී විශාල වශයෙන් රේගුවට හොරෙන් ගෙන්වනු ලබයි.

එපමණක් නොව වහන අමතර කොටස් ⁣පවා අනීතිකව මෙරටට ගෙන එන අවස්ථා අනාවරණ වී තිබේ. ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් සහ බ්‍රේක් පෑඩ් (Break Pads) වැනි දෑ සුප්‍රසිද්ධ සන්නාම නාමයන් යටතේ හොර රහසේ වෙළෙඳපොළට මුදාහරින අවස්ථා පවතී. මෑතකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී සෞඛ්‍ය අනුමැතියක් නොමැති මෙවැනි විලවුන් තොගයක් සොයාගෙන තිබුණි.

මෙම ජාවාරම්කරුවන් රේගු ප්‍රකාශන පත්‍රවල ව්‍යාජ තොරතුරු සටහන් කිරීම, අන්තර්ජාලය හරහා කුඩා පාර්සල් ලෙස ගෙන්වීම සහ නීත්‍යනුකූල භාණ්ඩ අතර සැඟවීම වැනි උපක්‍රම භාවිත කරති. භාණ්ඩ ආනයනය කිරීමේදී ජාවාරම්කරුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් භාවිත කරන බවට තොරතුරු වාර්තාවේ. වැඩි බදු මුදලක් අයවන භාණ්ඩ, බදු අඩු වෙනත් භාණ්ඩ ලෙස රේගු ප්‍රකාශන පත්‍රවල ව්‍යාජ ලෙස සටහන් කිරීම එක් ක්‍රමයකි. එමෙන්ම අන්තර්ජාලය හරහා ඇණවුම් කර, බදු නිදහස් සීමාවන්ගෙන් රිංගා යාමට කුඩා පාර්සල් ලෙස ගෙන්වීම තවත් ක්‍රමයකි. තවද නීත්‍යනුකූල විශාල භාණ්ඩ තොග අතරේ සෞඛ්‍යයට අහිතකර ආහාර හෝ ප්‍රමිතියෙන් තොර විලවුන් ද්‍රව්‍ය සඟවා මුහුදු මාර්ගයෙන් ගෙන ඒම ද මෙම ජාවාරමේ තවත් ක්‍රමවේදයකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අනුමැතියක් නොමැති මෙම නිෂ්පාදන නිසා පිළිකා, සමේ රෝග මෙන්ම බාල චාජර් පිපිරීම් වැනි අනතුරු ද වාර්තා වී ඇත. එමෙන්ම බාල වර්ගයේ චීන දුරකථන චාජර් සහ බැටරි පිපිරීම් නිසා අනතුරු පවා වාර්තා වී ඇත. එසේම, ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් භාවිතය මාරක රිය අනතුරුවලට ද හේතු විය හැක. ප්‍රමිතියෙන් තොර වාහන බ්‍රේක් පෑඩ් සහ අමතර කොටස් භාවිතය නිසා මාරක රිය අනතුරු පවා සිදු විය හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන අතර එවැනි තත්ත්වයන් මහජන ආරක්ෂාවට පවා ගැටලු මතු කරන්නකි.

විශේෂයෙන්ම, වර්තමානයේ ළමුන් සහ තරුණයන් අතර ජනප්‍රිය ‘Bing chun’ නම් චීන බීමහල් ජාලයේ පාන වර්ග සහ අයිස්ක්‍රීම් සාම්පල පරීක්ෂාවකදී, ඒවායේ නියමිත සීමාව ඉක්මවා බැක්ටීරියා වර්ධනය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තහවුරු කරගෙන තිබේ. එහිදී පාන වර්ග කිහිපයක, නියමිත ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සීමාවන් ඉක්මවා බැක්ටීරියා වර්ධනය වී ඇති බවට මූලික පරීක්ෂාවේදීම තහවුරු වී ඇත. පිළිකා, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි රෝගීන්ට රජය විශාල බරපැනක් දරන පසුබිමක මෙවැනි ආහාර රටට ඇතුළු වීම බරපතළ ගැටලුවකි. පිළිකා රෝගීන් දිනෙන් දින ඉහළ යන පසු බිමක දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි නිදන්ගත රෝගවලට රටේ ජනතාව බහුල වශයෙන් ගොඳුරු වන පසුබිමක එම රෝගීන් වෙනුවෙන් ආණ්ඩුවට දරන්නට සිදුව ඇති බර පැන සුළුපටු නොවේ. මෙරට අනාගතය පවා අවිනිශ්චිත කරන්නට හේතුවන ආනයන සදහා නෛතිකව ඉඩ දී නැතත් වංචනිකව හොර රහසේ එවැනි ආහාර ද්‍රව්‍ය රටට ඇතුළු වීම වැළැක්වීමට වත්මන් ආණ්ඩුවට උවමනාවක් ඇති බව පෙනෙන්නට තිබේ.

ආර්ථිකමය වශයෙන් ගත් කල, මෙම ජාවාරම නිසා රජයට වසරකට කෝටි ගණනක රේගු බදු ආදායම් අහිමි වන අතර, ඉතා අඩු මිලට විකුණන මෙම බාල භාණ්ඩ නිසා දේශීය ව්‍යාපාරිකයෝ ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. රේගුවට ප්‍රකාශ නොකර වංචනිකව සිදුකරන මෙවැනි ආනයනයන් නිසා රේගු බදු ලෙස රටට අයවිය යුතු ආදායම් අහිමිවීම සැබවින්ම මෙරට ආර්ථිකයට පවා සිදුකරන්නේ ඉතා නරක බලපෑමක්. නිසි පරිදි රේගු බදු නොගෙවීම නිසා රජයට වසරකට කෝටි ගණනක ආදායමක් අහිමි වන බව පැවසේ. තවද බදු ගෙවා නීත්‍යනුකූලව භාණ්ඩ නිපදවන හෝ ආනයනය කරන දේශීය ව්‍යාපාරිකයන්ට, මෙම ඉතා අඩු මිලට විකුණන නීතිවිරෝධී බාල භාණ්ඩ සමඟ තරඟ කිරීමට නොහැකි වීම හේතුවෙන් දේශීය ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්ද මතුව තිබේ. ශ්‍රී ලංකා රේගුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වංචනික භාණ්ඩ අත්අඩංගුවට ගනිමින් වැටලීම් සිදුකරන අතර, වත්මන් වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරුන් ද යම් යම් පියවර ගනිමින් සිටිති. මෑතකදී රුපියල් මිලියන ගණනක් වටිනා චීනයෙන් ආනයනය කළ ව්‍යාජ උපාංග සහ පාරිභෝගික භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන විනාශ කරනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද මෙම ආසන්නතම කාලයේදී ලේබල් රහිත චීන නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැලක්‍ වටලන ලදී., ඒ දැනටමත් වත්මන් වෙළෙඳ අමාත්‍යවරයා, කර්මාන්ත අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග අරඹා ඇති බැවිනි.

එහෙත් මෙම ජාවාරම මුළුමනින්ම තුරන්කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නවීන තාක්ෂණය යොදාගනිමින් වහ වහා දැඩි ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අතර, පාරිභෝගිකයන් ද භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය (SLSI සහතිකය) පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතුය. එහෙත් මෙම ජාවාරම මුලුනුපුටා දැමීමට තරම් එය තවමත් බලපෑම් සහගත වී නැති නිසා රටේ ආර්ථිකයත්, රටේ මිනිස් බලයත් ලෙඩ කරවන මෙම ජාවාරමට වැට බැඳීමට වහ වහා ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු නොවන්නේ ද?

(මුලාශ්‍රය – Biz world)