
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස දුම්වැටි කාටූන් 50ක් සඟවා ගෙන යාමට තැත් කළ 36 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු ඊයේ උදෑසන ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි.
ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහු ගුවන් තොටුපළේදී පරීක්ෂාවට ලක්කර තිබේ.
එම පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී තහනම් දුම්වැටි 10,000ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම පුද්ගලයා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart