
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථවාහන වැරදි සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු රථවාහන පොලිසිය විසින් වීඩියෝ ගතකර ජනමාධ්‍ය වෙත නිකුත් කර ඒවා විසඳීමට පියවර ගන්නා බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයා මේ බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති උපදේශන කාරක සභාවට දැනුම් දුන්නේ පසුගියදා කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අවස්ථාවේදීය.
රථවාහන පොලිසිය වැරදි වීඩියෝ පටිගතකර ජනමාධ්‍ය වෙත මුදාහැරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව කමිටුව මෙහිදී අවධානය යොමු කළේය.
ඕනෑම වැරදිකරුවකුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව කමිටුවේ අදහස විය.
මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට ත්‍යාග පිරිනැමීමේ සහ ඔවුන් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක බවද එහි සිටි උසස් පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.
මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබුණු විට පෙර මෙන් නොව, සන්තකයේ තබාගත් පුද්ගලයාට නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකර, අධිකරණයට ඉදිරිපත් කරන අතර, දැන් පොලිසිය නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීමට මෙන්ම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණ දෙකක් පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු එහිදී වැඩිදුරටත් පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart