
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම පළාතේ පාසල් යටතේ 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ සමත්වීමේ ප්‍රතිශතය පාසල් මට්ටමින් 90%ට වඩා අඩු වුව හොත් එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බව දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. ඒ සාකච්ඡාවට අනුව ඇතැම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අදාළ තීරණය හා ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිසි ලෙස විදුහල්පතිවරුන් දැනුම්වත් කර නැති බවට තොරතුරු ලැබී ඇතැයිද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිපියේ සඳහන් කර තිබේ.
කලාපයේ පාසල් අතුරින් සාමාන්‍ය පෙළ සමත්වීම 90%ට වඩා අඩු පාසල්වල 2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතුරින් විභාගය අසමත් වීමේ අවදානම ඇති සිසුන් හඳුනාගැනීම, පෞද්ගලිකව ඒ පාසල් වෙත ගොස් ගුරුවරුන් සිසුන් සහ මවුපියන් සමඟ සාකච්ඡා කර පවතින තත්ත්වය මඟහරවාගැනීමට අනුගමනය කළ යුතු උපායමාර්ග සැලසුම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් අදාළ ලිපිය මඟින් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කලාප අධ්‍යාපන අධ්‍යෂක්වරුන්ගේ අවධානයට යොමු කර ඇත.
අවශ්‍ය ඉගැනුම් ද්‍රව්‍ය මුද්‍රණයට සහ සම්පත් දායකත්වය දෙන පුද්ගලයන්ට ගෙවීම් සඳහා අනුමත රේටයන්ට යටත්ව ගෙවීම් සිදු කිරීමට විදුහල්පතිවරුන් වෙත විශේෂ අනුමැතිය දී තිබෙන අතර, මේ සඳහා පාසලට ලැබී ඇති ප්‍රතිපාදන භාවිත කළ හැකි බවද ලිපියේ සඳහන් කර තිබේ. අදාළ ප්‍රතිපාදන නැති නම් කලාපයේ පවතින ඕනෑම ප්‍රතිපාදනයක් මේ සඳහා භාවිත කළ යුතු බවද අමරසිරි පියදාස මහතා දැනුම් දී ඇත.
සාමාන්‍ය පෙළ 2023 සමත් ප්‍රතිශතය 90% දක්වා ඉහළ නැංවීමේ මුවාවෙන් විදුහල්පති වැටුප් වර්ධක නතර කිරීම පිළිබඳ විරෝධය දක්වන බවත්, මේ ලිපිය ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් මධ්‍යම පළාත් සියලු විදුහල්පතිවරුන් සමඟ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගකට එළඹෙන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart