
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා හිඟ බදු ගෙවීමට ලබා දී ඇති දින 14ක කාලය තුළ, ගෙවීමට ඇති රුපියල් බිලියන 6.2ක මුදල ගෙවීමට සමාගම් අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක බලපත්‍රය අත්හිටුවීමට නියමිත බව වාර්තා වේ.
නියමිත කාලයට බදු අය නොකිරීම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය ඇතුළු පාර්ශ්වකරුවන් රැසකගෙන් එල්ල වූ අඛණ්ඩ විවේචන හමුවේ, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙසේ දින 14ක අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතරම් කෙටි කාලයක් තුළ අතිවිශාල බදු ප්‍රමාණය අය කර ගැනීම සඳහා මෙම අවසාන නිවේදනය නිකුත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව රුපියල් බිලියන 6.2න් රුපියල් බිලියන 2.5ක මුදලක් හිඟ බදු ලෙස ද, ඉතිරි රුපියල් බිලියන 3.8ක පමණ මුදල ප්‍රමාද බදු ගෙවීමේ ගාස්තු ලෙස ද ගණන් බලා ඇත.
ඉහත කී සමාගම් නවයෙන් ඇතැම් සමාගම් විසින් හිඟ මුදල් සහ ප්‍රමාද ගෙවීම් ගාස්තු ගෙවීම් වසර 26 (1997 සිට 2023 දක්වා) දක්වා දිවෙන අතර, ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපය තුළ බදු ගෙවීම පැහැර හැර තිබේ.
බැඳුම්කර වංචාව සමඟ නම පැටලී ඇති මත්පැන් නිෂ්පාදක ඩබ්. එම්. මෙන්ඩිස් සහ සමාගම සිය හිඟ මුදල ලෙස රුපියල් බිලියන 3.4ක මුදලක් නොගෙවීම හේතුවෙන් සමාගම් නවයේ මුල්තැන රැඳී ඇත.
එසේම, රජයේ ප්‍රකට දේශපාලනඥයෙක්ට අයත් වයඹ ප්‍රදේශයේ පිහිටි මත්පැන් නිෂ්පාදන සමාගම් තුනක්, කළුතර ඩිස්ටිලරීස්, මැකලම් බීර කර්මාන්තශාලා ඇතුළු තවත් සමාගම් තුනක් ලෙස සමාගම් අටක් සඳහා ගෙවීමට හිඟ මුදල් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart