March 22, 2026

සිය විදුලි පද්ධතියට පහරදුනහොත් කලාපීය බලශක්ති සහ ජල මධ්‍යස්ථානවලට පහරදෙන බවට ඉරානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ, පැය 48 තුළ හොමූස් සමුද්‍ර සන්දිය විවෘත නොකළහොත් ඉරාන විදුලි බල පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවිමට ප්‍රතිචාර වශයෙනි.

ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ප්‍රකාශ කළේ, අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට ද ඉරානය පහරදෙන බවයි.