
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික මිනින්තලේ විහාරස්ථානයේ රඳවා සිටින ආරක්ෂක නිලධාරීන් තම ජීවිතයට තර්ජනයක් යැයි විහාරාධිපති හිමියන් සිතන්නේ නම් එම විහාරස්ථානයේ යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ගැනීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සිටීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
“සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයන් දෙදෙනා හමුදා නිලධාරීන්. ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන් යොදවා සිටිනවා. පන්සල් භූමියේ සිටින සියලුම හමුදා නිලධාරීන් පැමිණීම තර්ජනයක් ලෙස සළකන්නේ නම් ඔවුන් ඉවත් කර ගැනීමට අපි තීරණය කර තිබෙනවා,” රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart