
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින හෙයින් අදාළ අත්හිටුවීම සිදුකර ඇති බව ICCය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, අදාළ ක්‍රියාමාර්ගය පිලිබද කොන්දේසි ඉදිරියේදී දැනුම්දිමට කටයුතු කරන බව නිවේදනය කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ ප්‍රතිචාර දක්වා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයතු කර ඇති හේතු මොනවාදැයි දැනුම් දීමෙන් අනතුරුව ඊට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම පිළිබඳ ද කොන්දේසි ලබන 21වනද රැස්වී සාකච්ඡා කර නිවේදනය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart