
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තහනමක් පනවා තිබුණද ශ්රී ලංකාවට අන්තර්ජාතික ක්රිකට් තරගවලට සහභාගී විය හැකි බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය(ICC) නිවේදනය කරයි.
තමන් පැනවූ ක්රිකට් තහනම සම්බන්ධයෙන් ශ්රී ලංකාවෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත බව ICCය පවසයි.
ඒ අනුව ICCයේ සාමාජික රටවල් සමග සංවිධානය කෙරෙන ද්විපාර්ශ්වික තරගාවලි සඳහා මෙන්ම ICCය සංවිධානය කරන බහුපාර්ශවීය ක්රිකට් තරගාවලි සඳහාද ශ්රී ලංකාවට තවදුරටත් සහභාගී විය හැකිය.
කෙසේවෙතත් ,2024 වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්රිකට් ලෝක කුසලානයට ශ්රී ලංකාව තවදුරටත් සත්කාරකත්වය නොදක්වන අතර, එය දකුණු අප්රිකාවට ලබාදීමට ICCය තීරණය කර ඇත.
මේ අතර පනවා ඇති තහනමට සමගාමිව ICC අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අරමුදල් සැපයීම පාලනය කිරීමට ද තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart