September 25, 2026

තමා ජනතා විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරන්නේ සිය ‘සැබෑ ස්වරූපය’ ජනතාව ඉදිරියට ගෙනයෑමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

විශේෂ ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව මෙසේ සටහන් කර ඇත.

“මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත් දා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි.”