
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනකු තමාට පෞද්ගලිකව ප්‍රිය නොකරන බව තමන් දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.
විශ්‍රාම යෑම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු වන්නේ, තමාට රට හැරවීමටත් ආර්ථිකය ස්ථාවර කිරීමටත් හැකි බව තමා දන්නා නිසා බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
“කොච්චර විවේචන තිබුනත් මම වැඩේ බාර ගත්තා. එතකොට ආර්ථිකය ගොඩක් වේගයෙන් පෙරලන්න ඉඩ තිබුණා. දේශපාලන ක්‍රමයේ ඉන්න හැමෝටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ, මට කැමති නිසා නෙවෙයි. මම හිතන්නේ නැහැ පෞද්ගලිකව මට කැමති බොහෝදෙනෙක් ඉන්නවා කියලා. ඒත් ඒ කාර්යය අනිවාර්යයෙන්ම කළ යුතු බව ඔවුන් දැන සිටියා,” ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart