
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර දහයක් දක්වා ඕනෑම රටක ජීවත් වීමට අවශ්‍ය වීසා බලපත්‍ර තමා සතුව පවතින බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසා තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු රටින් පිටව යෑමට ඇමැතිවරුන් 80 දෙනෙකු පමණ වීසා ලබා ගෙන ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඊයේ (11) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටින් පිටවීමට වීසා ලබාගෙන ඇති කිසිදු ඇමැතිවරයකු පිළිබඳ තමන් නොදන්නා බවයි.
ජනාධිපතිවරණයෙන් පසු කිසිවකුට පළායෑමට අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයෙන් පසු ඇමැතිවරුන් 80 දෙනෙකුට රට හැර යෑමට වීසා ලබාගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ප්‍රකාශය කළද විවිධ පුද්ගලයන් මැතිවරණ ව්‍යාපාරය එවැනි ප්‍රකාශ සිදුකරන බැවින් එය පදනම් විරහිත ප්‍රකාශයක් විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart