
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් සමග ඉකුත් දා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් එම සංගමය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ‘විදුහල්පතිවරයෙකු’ ලෙස හඳුන්වා දී තිබුණද, ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණියක් දරන විදුහල්පතිවරයෙකු නොවන බවයි.
වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයට අනුව, එම පුද්ගලයා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියකු බවත්, ඔහු වැඩබලන තනතුරක සේවය කළ බවත් තහවුරු වී තිබේ.
‘විදුහල්පති’ යන තනතුර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණියක් දරන නිලධාරීන්ට පමණක් හිමි විය යුතු බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රේණියක් දරන නිලධාරියකු නොවන අයෙකු සඳහා ‘විදුහල්පති’ යන තනතුර භාවිත කිරීම විදුහල්පති සේවයට සිදුකරන අසාධාරණයක් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.
එපමණක් නොව, එම පුද්ගලයා පිළිබඳ අනාගතයේ සඳහන් ඕනෑම යොමුකිරීමකින් ඔහු ‘ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියකු’ ලෙස හඳුන්වාදෙමින් සිදුකළ යුතු ද බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart