May 23, 2026

මේ ආණ්ඩුව මළාට නොකරන දේවල් ටිකක් කියන්න ද?
එකක් ගණිකා වෘත්තීය නීතිගත කිරීම
අනෙක සමලිංගිකත්වය අපරාධ වරදක් ලෙස සැලකෙන නීතිය ඉවත් කිරීම
ගංජා නීතිගත කරන්නෙත් නෑ…
ලිංගික අධ්‍යාපනය සෑහීමකට පත්වෙන මට්ටමෙන් දෙයි කියලා හිතන්න අමාරුයි… ඒක තමයි 1 වසරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා 6වසරේ ප්‍රතිසංස්කරණ කල්දැම්මෙ…
ඒකට හේතුව මේ ආණ්ඩුව සිංහල බෞද්ධ හෙජමොනිය එක්ක හැප්පෙන්න බයයි…
සිංහල බෞද්ධ හෙජමොනිය කිව්වාම සිංහලකමට බෞද්ධකමට අනං මනං කියනවා කියලා බොරුවට නටන්න එපා…
ඒකෙ තේරුම…ඒතරම් තර්කානුකූලව නැතත්…” මේ රට ගැන ඇත්ත කැක්කුමක් තියෙන්නෙ සිංහලයට අනිත් උන් පරයො…බුද්ධාගම තමයි ඇත්ත…අනිත් ආගම් බොරු…විෂම ලිංගිකත්වය තමයි සාමාන්‍ය සමලිංගිකත්වය කියන්නෙ විකෘතියක්…. අරක්කු සිගරට් නොබොන උන් හොඳ මිනිස්සු බොන උන් නරක මිනිස්සු … ආගමිකයො පින්වන්තයො නිරාගමිකයො පවුකාරයෝ… වගේ සරල දෙබෙදුමක් තියෙන්නෙ…අන්න ඒකට …
ඒකට මේ ආණ්ඩුව බයයි…මේ ආණ්ඩුව විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම ඕකට බයයි…හැබැයි මාළිමාවෙ බය විශේෂයෙන්ම කැපීපෙනෙනවා… හේතුව උන් ආවෙම මේක වෙනස් කරන්න…බලය අරගෙන රට වෙනස් කරනවා වෙනුවට රට අනුව වෙනස් වෙලා බලය පවත්වාගෙන යන ස්ථාවරයක් තමයි මාළිමා ආණ්ඩුව පෙන්නුම් කරන්නෙ…

කලු ගලේ ඔලුව ගහගන්න ඕනෙ නෑ …ඒක මෝඩකමක් …ඒකෙන් කලු ගලට මුකුත් වෙන්නෙ නෑ…ඔලුව විතරයි තුවාල වෙන්නෙ…හැබැයි කලු ගල් දිය කරන ක්‍රමත් තියෙනවා…ඒ මන්තරේ හොඳින්ම දන්න කෙනෙක්ට උදාහරණයක් තමයි…අපෙ මහින්ද මහත්තයා..එතුමා සිංහල බෞද්ධ හෙජමොනියේ හොඳම සුජාත පුත්‍රයා වුණා…ඊට පස්සෙ එතුමාට ඔය හෙජමොනිය එක්ක සෙල්ලං කරන එක හරි ලේසියි…එතුමා බුදු හාමුදුරුවොන්ගෙ ලේ නෑයෙක් බව එවකට හිටපු රටේ ප්‍රභලම ඉතිහාසඥයා විසින් ප්‍රකාෂ කළා… එතැන් සිට මොන ස්ථානාධිපතිත් එතුමා ඉස්සරහ වැඳ වැටෙනවා…එතුමා හාමුදුරුවොන්ට දානෙ පිළිගනවනවා නෙවෙයි හාමුදුරුවා එතුමාට දානෙ පිළිගනවනවා…
එතුමා හාමුදුරුවොන්ට නමස්කාර කරනවා නෙවෙයි..හාමුදුරුවො එතුමාට නමස්කාර කරනවා…එතුමා දෙසනවා …හාමුදුරුවො එහෙයි කියනවා.. එතුමාගෙ නමින් වෙනම නිකායක් හැදෙනවා… ඊටපස්සෙ එතුමාගෙ නෝනා ක්‍රිස්තියානි වුණත් මුණුබුරා භෞතිස්ම කරත්, ඒවා සිංහල බෞද්ධ හෙජමොනිය විසින් ඒ තරම් ප්‍රස්නයක් කරගන්නෙ නෑ…එතුමා සංඝයා වහන්සේලාට ගැහුවොත් දඬුවම් කරොත්… ඒ උන්නාන්සෙලාව හදාගන්න…කවුරු හරි සංඝයා වහන්සේ කෙනෙක්ට සිවුරු ඇරලා යන්න වැඩ සිද්ද කරොත් ඒ උන්නාන්සෙගෙන් බුද්ධාගම බේරගන්න…සිංහල බෞද්ධ හෙජමොනිය ඔය ආකාරයෙන් දමනය කරගන්න…මහින්ද මහත්තයාට පුළුවන් වුණා..හැබැයි මහින්ද මහත්තයා ඒ හයිය ප්‍රගතිශීලි වෙනස්කම් කරන්න යෙදෙව්වෙ නෑ…ඒ වෙනුවට එතුමා කරේ ඒ හෙජමොනිය වඩාත් මහින්දකරණයට එහෙමත් නැත්තං පාදඩකරණයට ලක්කරපු එක..

හැබැයි අනුර කරන්නෙ මේක නෙවෙයි… .කොච්චර කරත් අනුර සිංහල බෞද්ධකරණය වෙන්නෙ නෑ…අනුර වෙන්නෙ සිංහල බෞද්ධ බහිෂ්කරණ‍ය…අනුර කරන්නෙ පරෙස්සමෙන් විශේෂ ආරෝවක් ඇති නොවන පරිදි කටයුතු කරන එක…අනතුරුදායක ප්‍රදේශයක ප්‍රවේසමෙන් රිය පැදවීම…කෙළවුණොත් කෙළවෙන්නෙ පරිස්සම වැඩිවෙලා …හැබැයි අනුර වුනත් තේරුම් ගන්න ඕනෙ දෙයක් තියෙනවා …උඹ කොච්චර පරිස්සමෙන් උන් එක්ක හැසිරුනත් උන් උඹට කියන්නෙ ‘කල්ලතෝනියා’ කියලා…

(උපුටාගැනීම – චාමර ගුරුගේ ගේ ෆේස්බුක් වෝලයෙන්)