
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම, අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම, නාඳුනන පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරීම, උපත් පාලන ක්‍රම භාවිතා නොකිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම HIV වෛරස් රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයි, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
පරීක්ෂණ ධාරිතාව වැඩි වීම හේතුවෙන් රට පුරා නව රෝගීන් වාර්තා වී ඇති බවත්, Covid-19 වසංගතය කාලයේ රට වැසීම නිසා පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීම මෙයට හේතුව බවත්, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් සම්බන්ධීකාරක සහ විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර පවසයි.
වයස අවුරුදු 15-24 අතර නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති බවත් වෛද්‍යවරිය සඳහන් කරයි.
මෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරට HIV ආසාදිතයන් 165ක් වාර්තා වී ඇති අතර, 2009 වසරෙන් පසු වසරක පළමු කාර්තුව තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වේ.
සමස්ත රෝගීන් අතරින් පිරිමින් 22ක් සහ කාන්තාවන් 03ක් වයස අවුරුදු 15-24 වයස්වල පසුවන අය වන අතර, අනෙක් රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයන් වේ.
එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 9 දෙනෙක් HIV ආසාදනය වී ඇති බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන වැඩිදුරටත් සඳහන් කරයි.
HIV අසාදිත වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart