
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට මුහුණ දෙන සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමයේ වෙනසක් විය යුතු බව කතෝලික රදගුරු සම්මේලනය සිය පාස්කු පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.
“රට උග්‍ර සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක පාස්කු උත්සවය සමරන්නේ.ජනතාවගේ දුකට සහන සැලසීමට රටේ පාලන ක්‍රමයේ විශාල වෙනසක් ගෙන ඒම අත්‍යවශ්‍යයි. මෙම වෙනස ගෙන ඒම සඳහා කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමක්.” යනුවෙන් එම පණිවුඩයේ සඳහන් වේ.
“අපි පාස්කු උත්සවය සමරන්නේ රට මින් පෙර කිසිදා මුහුණ නොදුන් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. පාස්කුව යනු පූජනීය අද්භූතභාවයේ සහ කිතුණු ඇදහිල්ලේ උච්චතම අවස්ථාවයි. මේ මොහොතේ අප මුහුණ දී සිටින අර්බුදයෙන් මිදීමට අපට උපකාර කරන ලෙස උත්ථාන වූ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. මිනිසුන් 275කට වැඩි පිරිසක් මරා දැමූ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර පහක් ගත වී ඇත. තවත් පරිසක් රෝගීන් බවට පත් විය.මේ දුක්විඳින ජනතාවගේ හදවත්වලට සමීප වී ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ද පාස්කු පණිවුඩයේ සඳහන්ය.
“පාස්කුව යනු කිතුණුවන්ගේ පූජනීය අභිරහසයි. අපි පාස්කු උත්සවය සමරන විට මෙම විශ්වාසයේ උච්චතම අවස්ථාවට පැමිණෙමු. පාස්කු උත්සවයේදී ක්‍රිස්තුස් වහන්සේගේ පළමු අනුගාමිකයන් ‘යේසුස් ජීවමානයි’ යනුවෙන් කළ ප්‍රකාශය අපි අලුත් කරමු. අපි කියන්නේ ජේසුස් වහන්සේ අප අතර ඉතා සතුටින් ජීවත් වන බවයි. උන්වහන්සේගේ උත්ථානය තුළින් මරණය සහ පාපය පරාජය කළා. පාස්කු උත්සවයේ මුල් ගල ඔහුයි. අපි පාපයෙන් මිදී එකිනෙකාට ප්‍රේම කර අප අතර ජීවත් වන ලෙස ජේසුස් වහන්සේට ආරාධනා කරමු” යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ ප්‍රධාන ලේකම් ජේ.ඩී ඇන්තනි ජයකොඩි රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart