
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොවැම්බර් 22 වැනි දින සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවලින් පසුව, කොල්ලුපිටියේ හෝටල් ඩි ප්ලාසා කළමනාකාරිත්වය පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
නිල ප්‍රකාශයට අනුව, අවන්හලේ සම්පූර්ණයෙන් පිරි ඇති අවස්ථාවක ගනුදෙනුකරුවන් පිරිසක් ඇණවුමක් ලබාදීමට කිරීමට උත්සාහ කර ඇත.
කාර්ය මණ්ඩලය ඔවුන්ට විනාඩි 30 ක පමණ කාලයක් රැඳීසිටීමට සිදුවන බව දැනුම්දී ඇති නමුත් කණ්ඩායම කිහිප වතාවක් ආපසු පැමිණ තිබේ.
පසුව ඔවුන් සේවකයන් හතරදෙනෙකුට පහරදී ඇති අතර, සේවකයන්ගේ හිසට සහ ඇඟිලිවලට තුවාල සිදුව ඇත.
පසුව සේවක පිරිස රෝහල්ගත කර ඇති අතර, දැනට කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.
තවත් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
හෝටල් ඩි ප්ලාසා කළමනාකාරිත්වය අවධාරණය කළේ, පහරදීම හේතුවෙන්ප තම කාර්ය මණ්ඩලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සිදු වූ බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් සිද්ධියේ සම්පූර්ණ තත්වය නොපෙන්වන බවත්ය.
නිගමනවලට එළඹීමට පෙර සම්පූර්ණ තත්වය සලකා බලන ලෙස කළමනාකාරිත්වය මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර, අසම්පූර්ණ දර්ශන අනවශ්‍ය වාර්ගික ආතතියක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවයි.
හෝටලය පොලිසිය සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම තහවුරු කර ඇති අතර කාර්ය මණ්ඩලයේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart