March 28, 2026

කොහුවල නිවසකදී චීන කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එම කාන්තාවගේ හිටපු සහකරු බව කියන චීන ජාතිකයකු ලෙස පොලිසිය හඳුනාගෙන තිබේ.

පසුගිය මාර්තු 23 වැනිදා කෙන්ට් නේවාසික සංකීර්ණයේ දෙවැනි මහලේ මහල් නිවාසයක (අංක 02/01) මෙම සිදුවීම සිදුව තිබූ බව ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

සැකකරුගේ නම වැන්ග් හුයියින් වන අතර ඔහු 2000 ජුනි 1 වැනිදා උපත ලබා ඇත.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංක EE6791329 සහ ER3805969 බව පොලිසිය කියයි.

ඔහුගේ වම් අතේ ඇඟිලිවල තුවාල ඇති බවත්, ඊට මැහුම් දමා ප්‍රතිකාර කර ඇති බවත් පොලිසිය පැවසීය.

සැකකරු හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය නිකුත් කළේය.

ඔහු සිටින ස්ථානය පිළිබඳ කිසියම් තොරතුරක් ඇතොත් ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට 071-8596408 හෝ කොහුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට 071-8591669 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.