
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම වීසා බලපත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය තවත් පුද්ගලයකුට ලබාදී එක්සත් රාජධානියට යෑමට පහසුකම් සැලසූ බවට වන චෝදනා යටතේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්ත කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විත්තිකරු වන කන්දියා රාජගෝපාල් සිය වීසා බලපත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය ඔහුගේ මිතුරකු වන ශරුෂාන් කුනසේකරන් වෙත ලබා දී ඇති අතර ශරුෂාන් එම ලේඛන භාවිත කර එක්සත් රාජධානියට පිටත්ව ගොස් තිබේ.
මගී හුවමාරු ප්‍රදේශයේ ගුවන් යානය වෙනුවෙන් බලා සිටි රාජගෝපාල්, පසුව ඔහුගේ ලේඛන නැති වී ඇති බව සඳහන් කරමින් ආදේශක ලේඛන ලබා ගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ.
කෙසේවෙතත්, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී, ඔහුගේ සැක සහිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය වී තිබේ.
රාජගෝපාල් ඔහුගේ ලේඛන ලබා දී තම මිතුරා එක්සත් රාජධානියට යවා ඇති බව එහිදී අනාවරණ විය.
ඔහුගේ මිතුරා එක්සත් රාජධානියට ගිය පසු, රාජගෝපාල් ඔහුගේ ලේඛන අතුරුදහන් වී ඇති බව වාර්තා කර ආදේශක ලේඛන ලබා ගැනීමට උත්සාහ කර තිබේ.
රාජගෝපාල් සහ ඔහුගේ මිතුරා එක්සත් රාජධානියේ සරණාගත තත්ත්වය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට පොලිසිය සැක කරයි.
රාජගෝපාල් ආරක්ෂක අංශ හරහා ගමන් කළේ කෙසේද සහ ඔහුගේ මිතුරා ගමන් කිරීමට ලියකියවිලි භාවිත කළේ කෙසේද යන්න පිළිබඳ බලධාරීන් විමර්ශනය කරමින් සිටී.
නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ජී කේ මිතුන් කුමාර් පැවසුවේ, මිතුරාට ඔහුගේ වීසා සහ ගුවන් ටිකට් පත ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකුට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.
මිතුරා එම වීසා සහ බෝඩිං අවසර පත්‍රය භාවිත කර විදේශ රටට ගිය පසුව, විත්තිකරු ගුවන් තොටුපළේදී ආදේශක ටිකට් පතක් වෙන්කරවා ගැනීමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපළ බලධාරීන්ගේ අවධානයට යොමු වූ බව ද ඔහු සඳහන් කර ඇත.
විත්තිකරු පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රාජගෝපාල්ගේ ලේඛන භාවිත කරමින් එක්සත් රාජධානියට ගිය ඔහුගේ මිතුරා පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කිරීමට පොලිසිය උත්සාහ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart