
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය දෙපාර්තමේන්තුවට දිගින් දිගටම ඉල්ලීම් කළ ද විදුලි ජනන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන මෙතෙක් ලබානොදීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ මේ දිනවල රාත්‍රි කාලයේදී අඳුරේ පවතින බව වාර්තා වේ.
මේ දිනවල මධ්‍යම කඳුකරය ආශ්රිත ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය සහ තද සුළං හේතුවෙන් පසුගිය දිනවල එම ස්ථානයේ විදුලි සැපයුම කඩින්කඩ ඇණහිට ඇති බව දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු පවසා තිබේ.
දුම්රිය ස්ථානය විශාල විදුලි ජනක යන්ත්‍රයකින් සමන්විත වුවද ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ, විදුලිය විසන්ධිවන අවස්ථාවලදී දුම්රිය ස්ථානය අඳුරේ පවතින වන බැවින් රාත්‍රී කාලයේ දුම්රියේ ගමන් කරන මගීන්ගෙන් තමන්ට පැමිණිලි රාශියක් ලැබෙන බවයි.
ඉන්ධන ටැංකියේ 20%කට වැඩි ඉන්ධන ප්‍රමාණයක් තිබේ නම් පමණක් විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කළ යුතු බවට දුම්රිය ඉංජිනේරු අංශය නියෝගයක් නිකුත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.
දැනට ජෙනරේටරයේ ඇත්තේ 17%ක ඉන්ධන ප්‍රමාණයක් පමණක් වන අතර එය පවතින මාර්ගෝපදේශ යටතේ භාවිතයට ගත නොහැකි වී තිබේ.
විදුලි ජනක යන්ත්‍රය සඳහා ඩීසල් ලීටර් 50ක් ලබාදෙන ලෙස ඉල්ලමින් අප්‍රේල් මාසයේදී ලිපියක් යොමුකළද අද වනතුරු එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.
මාස පහක පමණ කාලයක් විදුලි ජනක යන්ත්‍රය බල ගැන්වීමට ලීටර් 50 ක් ප්‍රමාණවත් බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart